නුඹයි මගෙ ප්‍රේමයේ පිස්සූ!
ආවාරෙක හිත තිගැස්සූ,
ආදරේ හිරිඔතප් ඇවිස්සූ...
පිණි බිඳු සිහිල් ඉස්සූ,
නුඹයි මගෙ ප්‍රේමයේ පිස්සූ!
පහළොස් වසක් ගෙවුණූ,
නුඹ නොවේ මේ හිතින් මැරුණූ...
දෙනෙත් අභියස මැවුණූ,
එකම රුව මා මත් කෙරුණූ...
හුස්මකින් හුස්ම ගැටුණූ,
අතීතේ මතක වැල් ලිහුණූ...
හීන ගඟ ළඟ හැඬුණූ,
නන්නාඳුනන ලෙසින් වෙන්වුණූ...
කාලයත් රහසෙ පියැඹූ,
කඳුළටත් නොකියාම හැංගූ...
සඳක් සේ දුරින් බැබළූ,
නුඹෙ උණුසුමයි මා පැතූ...
ප්‍රේමේට උපමා නැතී වූ,
දුරින් හිඳ හිත් රැවැට්ටූ...
ලොවට හොරෙන් දා වෙට්ටූ,
වරක් හමුවෙමුද නොහිනස්සා රට්ටූ?
කවිය බලන්න
