දුටුවත් රුව වගේ පත්තිණි..

දුටුවත් රුව වගේ පත්තිණි..

මුදිතා ඩයස් කොට්ටාව

දුටුවත් රුව වගේ පත්තිණි.. වරද දුටු සැණින් කාලි යක්ෂණි.. ඉවසීම රත් වී ගලන දවසට.. සොහොන් ගැබ මැද කාලි රංගණි! ​සිනහවෙන් මුව වසන පත්තිණි.. ගින්දරින් ලොව දවන කාලි රුක්මණී.. ඉවසීම තිතක් වුණ සැණින්.. සොහොන් බිමක රඟන කාලි භෛරවී ! ​බැලුවොත් සුවඳ මල් පත්තිණි.. කැපුවොත් ලේ පිපාසිත යක්ෂණි.. වැන්ද පින්බිම නපුර දුටුවිට .. අළු කරන්නට උපන් සොහොන් කාලි යක්ෂණි.. ​පත්තිණි රුවට පෙනෙනා.. වරදට කාලි උපදිනා... ඉවසීම නිමවූදා.. රගයි කාලි යක්ෂණි... මුදිතා ඩයස් කොට්ටාව
කවිය බලන්න