නුඹේ සිනහව මගේ ලෝකය.............
ආදරේන් නුඹ බදාගෙන..
පැතුවේ උඹේ සතුට විතරයි නම්..
ඇයි බං මෙහෙම ගින්නක්..
දුන්නේ මගේ හිත මරාගෙන
නුඹේ සිනහව මගේ ලෝකය
වෙලා තිබුණා හැම දිනේකම
ගියත් අද නුඹ මගෙන් වෙන්වී
තුරුලකට සැප පතාගෙන..
අගේ උණුහුම නුඹට සුවයක්
සදයි නම් හැම දිනේකම
බලන් හිටියට හිනා වීගෙන
පපුව ඇවිලෙනවා නුඹ දකින හැමවෙලේකම...
හුස්ම ගන්නත් අමාරුයි දැන්
හිතේ පිරුණු මේ වේදනාවෙන්
කඳුළු බිංදුවක් වැටෙනා වාරෙක
නුඹේ රුවමයි මැවෙන්නේ මට...
නොලැබෙනා බව දැන දැනම මං
පැතුවේ නුඹේ සතුටමයි හැම දිනේකම...
හිස් වුණු මගේ දෑත දෙස බලාගෙන
හුස්ම ගන්නෙමි රිදුම් පිරි ලෝකෙක තනියම...
මතක පොතේ පිටු අතර නුඹ
අත්සනක් තබා නික්ම ගිය කල
පහන් ටැඹක් සේ දැවී මියැදෙන්නම්
නුඹේ මාවත එළිය කරනු පිණිසම...
කාලය මැකුවත් නුඹේ සෙවනැල්ල
මගේ ලගින් කිසිදා නොවැටෙන්න
හිතින් කවදාවත් මැකුනේ නෑ නුඹ ..
තාමත් මගේමයි... මගේ රත්තරන් නුඹමයි...
නුඹේ සතුට ඒ උණුහුමම නම්
මගේ ඉරණම මේ වේදනාවම නම්
බලන් ඉන්නම බැරිම තැන මං
හිනාවෙනවා හිත මරාගෙන බං..
කවිය බලන්න
