නුඹේ සිනහව මගේ ලෝකය.............

නුඹේ සිනහව මගේ ලෝකය.............

මුදිතා ඩයස් කොට්ටාව

ආදරේන් නුඹ බදාගෙන.. පැතුවේ උඹේ සතුට විතරයි නම්.. ඇයි බං මෙහෙම ගින්නක්.. දුන්නේ මගේ හිත මරාගෙන ​නුඹේ සිනහව මගේ ලෝකය වෙලා තිබුණා හැම දිනේකම ගියත් අද නුඹ මගෙන් වෙන්වී තුරුලකට සැප පතාගෙන.. ​අගේ උණුහුම නුඹට සුවයක් සදයි නම් හැම දිනේකම බලන් හිටියට හිනා වීගෙන පපුව ඇවිලෙනවා නුඹ දකින හැමවෙලේකම... ​හුස්ම ගන්නත් අමාරුයි දැන් හිතේ පිරුණු මේ වේදනාවෙන් කඳුළු බිංදුවක් වැටෙනා වාරෙක නුඹේ රුවමයි මැවෙන්නේ මට... ​නොලැබෙනා බව දැන දැනම මං පැතුවේ නුඹේ සතුටමයි හැම දිනේකම... හිස් වුණු මගේ දෑත දෙස බලාගෙන හුස්ම ගන්නෙමි රිදුම් පිරි ලෝකෙක තනියම... ​මතක පොතේ පිටු අතර නුඹ අත්සනක් තබා නික්ම ගිය කල පහන් ටැඹක් සේ දැවී මියැදෙන්නම් නුඹේ මාවත එළිය කරනු පිණිසම... ​කාලය මැකුවත් නුඹේ සෙවනැල්ල මගේ ලගින් කිසිදා නොවැටෙන්න හිතින් කවදාවත් මැකුනේ නෑ නුඹ .. තාමත් මගේමයි... මගේ රත්තරන් නුඹමයි... නුඹේ සතුට ඒ උණුහුමම නම් මගේ ඉරණම මේ වේදනාවම නම් ​බලන් ඉන්නම බැරිම තැන මං හිනාවෙනවා හිත මරාගෙන බං..
කවිය බලන්න