ඔහු.... ;

ඔහු.... ;

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

ස්මාර්ට් දුරකථන තිරය මත රස මවන සුරභිදෙන සිනාසෙන වාරයක් ගානේ දෙතොලග අම මී රසය වින්දා සුසුදු වත නොව පෙන්නා නොපෙන්වා ඉලිප්පූ ඉඟ සුඟ සිතින් නිරුවත් කොට කුමර බඹසර දැහැන් බින්ඳා. යහනක වැතිර ගැස්සෙන රඹ කඳන් සේ පෙනුණු සරාගී වටොර මත නොමැකෙන ටැටූ ඇන්දා. දකින්නට නොහැකි පොඩි ඉඩ මෙන්න මෙහෙමයි සිතමින් වර්චුවල් ෆැන්ටසිය පාමුල ගැඹුරටම කිමිද ඉපිලී යළි යළිත් සලෙලකුට ඇන්ඳා. ඇය.... උදේට දෝතින්ම පුදන බත් පත රහක් නොදැනෙන තරමටම කුණු රසයකට ලොල්වී සිත වෙනස් වී තිබුනා. දාඩිය පෙරාගෙන දුම් කන ඇයගේ ලඟින් හමනා සුසුම් හිතට වද දෙන මහත් කුයිලක් ව දැනුනා. දරුවන්ට කිරි පොවා වද විඳ වැහැරුණු ඇගේ ගත ගැන කවදාවත් නොදැනුන තරම් මහත් අපුලක් දැනුනා. දුර සිටන් එන අගංනාවකගේ හැඩරුව මතක් වෙන මොහොතක් පාසාම කුසින් සමනල් රංචු නැගුනා. ආදරේම අයදින ගැහැණු හිත් ආශාවේ පහන් දැල්ලට ඇදෙනා පට්ටම පිරිමි මෙරු හිත් ලඟ සදහටම සල්ලන් වෙලා තිබුනා!!! Photo Credit; Thom Holmes
කවිය බලන්න