මුනිවත
මුනිවත
සුසුම් පමණක් ඇත
කතාබහකුත් නැත
හිතේ දහසක් ඇත
වදන් පිටවීමක් නැත..
දිළිසුමක් නැති නෙත
වියළි කඳුලක් ඇත
සියුම් රිදුමක් ඇත
හේතුවක්නම් නැත
දහසකුත් ලොව ඇත
තනිකමක් වී හිත
අකීකරු ලෙසින් හිත
රකින්නෙමි මුනිවත..
Photo Credit; Don Kaveen
කවිය බලන්න
