මේ ලොව සුපින් බව ඔබ අප හමුවීමයි
පෙරමග එකලු කළ සිය දරු කැලට සොඳ
අවමග නො හිමි යා නො ම දී පවුරු බැඳ
කිවි මග එම පවුරු වී නම් නො සිතු ලෙද
දිවි මග හෑගොඩ ය පිය පස වූ නිබඳ
එම පස පෙර නිමිති දිදුලන ලකුණු තියා
කිවි බස එ මෙන් රූ බස අතැඹුලක තියා
හෑගොඩ පුත් රුවන දෙටු පෙරමුණට ගියා
පිරිසිඳ මෙ යයි කී සැටි දිවි අරුත කියා
ඔබ ලොව දිනුම අප ලොව දිනු වග සේ මැයි
කාලය හද ගැහෙන ඒ ඔබ අපගේ මැයි
මේ ලොව සුපින් බව ඔබ අප හමුවීමයි
වෙන අන් දේ කුමට ඒ මගෙ සුබ පැතුමයි
කවිය බලන්න
