ආලෝකයේ කවියා
පන්හිඳක් නැති දෑතින්,
ආලෝක අකුරින්,
පද අඳියි වර්ණාවලි.....
දහඩිය බිඳක,
කරගැට බිඳුනු අත්ලක,
ධීවර සිනාවක,
කෙටිම කෙටි හුස්මක,
ඔහු සොයයි රූපක කවි.
ඉවසිලිවන්තව,
ඔහු බලා සිට,
එක් ක්ෂණයකට
කාලය නතර කර,
යළි නොඑන මොහොතක්,
සදාකාලික කර තබයි,
රූපක කවියක.
කාලය ගෙවී ගිය විට,
මතකය මැකී යන විට,
ඔබ අල්ලා ගත් එළිය අඳුර,
රාමුවෙන් ඔබ්බට ජීවමාන ගී පොතකි.
කවිය බලන්න
