කවියන් කවි තෙරේ ගිලුනා බැල්ම නල
වෙසෙසින් රැගෙන අගනා නෙතකිය උපත
දහසින් සොයනු නොවෙ සහසින් ලැබ සමත
රහසින් දැවටි යැයි හැඟෙනා දුල පුවත
නැණසින් බලන් ලකඹර සුවඳයි දසත
උරුමය වුවද පිය උතුමන් අතර හිද
දස්කම් කොතෙක් නම් සැලවිය ලැබත අද
තම රට පමණ නොව පිටරට ගුවන මැද
සක්මන් කළෝ ගැඹුරින් ගත් නෙතක සඳ
පුදුමයි එහැම නිමලයි දුටු ශිල්ප තල
හැඟුමන් අපමණයි විහිදා පෙව්ව රළ
දුටුවන් මවිත කර ඡායා දුන්න මල
කවියන් කවි තෙරේ ගිලුනා බැල්ම නල
එපමණ නොවේ නොනැවති තම සුගුණ බොහො
පන්හිඳ අතර රස කලතා ලිවිය බොහො
අගනා පොතද පත වනමින් අකුරු බොහො
මවනා පුවත් රඟ දැක්වූ මනු ද බොහො
ලියනා වඳන් නිම්හිම් නෑ ලොවත පිරු
අවසන් නොවෙත් එනමුඳු ගුණ සඳකි සරු
දහසක් සිසුන් දවටා තව නෙතඟ තරු
ගුරුකම් කළා සිහසුන උන් අතර දැරු
සඳකින් ගෙනා සිසිලස දුල තිවූ තුම
රළකින් අරන් දිය තවරා එව්ව තුම
මඳකින් නිමා කරලෙම් ගුණ වැනූ තුම
නිදුකින් වැජඹෙමින හෑගොඩ ලාල් තුම
කවිය බලන්න
