පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය
ශ්වේත රාත්‍රිය , පවනින් සිත සුවපත් කල
ඔබේ ගීත ඔසු ගොන්නකි අප හදවත් තුල
ඇහෙන , අහන්නටම ලැබෙන ගී නද පොදි තුල
හිතට කතා කරන හඬයි ඇත්තෙම නද තුල
ආදරයේ වේදනාව, අහස සේම මට
හද විල කැළඹු දවසේ චන්ද්‍ර මඩුළු යට
බුදු කරුණා දෙනෝ දහක් කප් සුවහස් යට
කලා වැවෙන් ගත් දිය ඇත තවමත් හිත් යට
ගලන ගඟකි ජීවිතේම කියලා කිව්වට
හඬ නිහඬයි යන්න ගිහින් අරලිය ලන්දට
දෙනෝ දහක් රසික පිරිස හලන කදුළු කැට
මැද්දෙත් අද නෙවෙයි හෙටත් ඔබ ඇත හිත යට
කවිය බලන්න
