ඉරහඳ තරු යට දිලිසෙන මිණිකැට
ඉරහඳ තරු යට දිලිසෙන මිණිකැට
සඳරැස් වතුරේ දිලිසෙන පිනිකැට
වැටි වැටි නැගිටින තරු කැට මුතු ඇට
වාගෙයි දරු කැල ගත් විට එක මිට
හිරු හිනැහෙන විට පිපෙනා මල් මිට
සිහිකර දෙනවා සිනහව මුව විට
පොඩි පැල ලොකුවී මහ ගස් වනවිට
දෝරේ ගලයි සිත මව් පිය යුවලට
කැටයම් වැඩ නැති සුනිමල හඬකට
සවන් තෙමෙනවා සුමියුරු වදනට
පා යුග සොලවා රැගුම් රඟන විට
වාන් දමනවා ගුරු සිත සතුටට
කවිය බලන්න
