ගතු.....!

ගතු.....!

ලලනී ගීකියනගේ රත්නපුර

ඉර ගෙන ආව ඉර ගිරවිය කෝ ලොවට..! සඳ ගෙන දුන්න සඳ සාවිය ගොස් දුරට..! පහන් කණු යටට තරු එළිවැල් කුමට. .! ඉතින් සැනසීම හිනැහීමෙන් හිතට....! සොයුරු පෙමට ලියැවුනු කවි පද හින්ඳා...! ඉතිරි සතුට මුතු පටකට ගෙන බැන්ඳා....! හතුරු කම් නොකල හිතවත්කම් හින්ඳා..! මිතුරු සිතින් යටිසිත හැඬුවද මන්දා...! වනේ වන මලට පාටක් නැතිදාට..! පිනේ මහිම දී සුවඳයි හැමදාට...! සෙනේ ගඟුල හැපෙමින් සුළි නැගුවාට..! විනේ කෙටු මතකය,දුක ඇතිදාට...! පහන් තරුව පායන අළුයම් කාලේ...! වහන් තිමිර සළු සඳ කොමළිගෙ සේලේ.. ! සිහින් මද පවන ගත දැවටෙන ආලේ..! ගිහින් නොඑන ලෙස නෑවිත් ගිය තාලේ...! ඈත දුරු රටක හද ගැබ උණුසුම්ය.. ! සීත හැඟුම් දී හඬවන රිදවුම්ය....! නීල පීත හීනෙක හිත සැනසුම්ය...! රෑට නිදි නොලද තනි හිත වැනසුම්ය...! 2025.03.28
කවිය බලන්න