දරා දසමස.....

දරා දසමස.....

උදයංගනී විජේරත්න

දරා දසමස ගෙවා අහවර
මා සුරත රැඳි මැණික අගනා
නිරාමිස පෙම ගලා හදවත
ලේ කඳුළ ළය මඬල පිරුණා
පෙරා අම බිඳු හොවා උකුලත
රෑ දවල නුඹ දෙතොල රඳනා
පුරා සඳ විය අපේ ගෙපැලට
සාගරය සම සෙනෙහෙ විඳිනා....

පැතුම සපුරන් සසර තිළිණය
මගේ දෝතට තුරුළු කරගෙන
මුව'ග හසරැල් නිබඳ සැරසුනි
පුතේ ලෝකය උරුම විලසින
දෙනෙත සමවන් නුඹව සිඹ සිඹ
අනේ මේ හිස කිරුළ පළඳින
විපුල ගුණයෙන් දිනක මිහිමත
දිනේවා නැණ සුවඳ විහිදෙන....

ගලේවෙල

කවිය බලන්න