සංසාරේ දිගු ගමනක්, වන්දනාවේ යන

සංසාරේ දිගු ගමනක්, වන්දනාවේ යන

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

. සංසාරේ දිගු ගමනක් වන්දනාවේ යන මේ භවයේ අපි දෙන්නා කල එක සක්මන ...... බාධක පිරි ඒ ගමනේ නොම තනිකර මම අත් අල්ලන් ඔබ උන්නා අමතක නැතිවද ........ හංගා තදකර කදුලක් වඩවා බැදි පෙම පැතුම් පොකුරු පොදි බැදගෙන ආවා මතකද ......... නැගෙනා හිරු හා පිබිදී වෙහෙසී අපි ගැන ඔබ විදි දුක් කවුරුද දන්නේ හිමියනි මා හැර ..... සංසාරේ දිගු ගමනක් වන්දනාවේ යන මේ භවයේ අපි දෙන්නා කල එක සක්මන පුංචි වුණත් දිව බොජුනක් සරිකර කදිමට දූට පුතුට මට කැව්වා සෙනෙහස කැටිකර සව්දිය පුරලා ඇතිදා සාද දමන්නට රැස්වුණු අය අද කොයින්ද මට ඔබ පමණද ? ................. සංසාරේ දිගු ගමනක් වන්දනාවේ යන මේ භවයේ අපි දෙන්නා කල එක සක්මන ...... බාධක පිරි ඒ ගමනේ නොම තනිකර මම අත් අල්ලන් ඔබ උන්නා අමතක නැතිවද .. ගී පද - අනුරුද්ධ වැලිගමගේ මේ ගීතයේ යූ ටියුබ් දිගුව https://www.youtube.com/watch?v=lfZI4uHM5QA&list=RDlfZI4uHM5QA&start_radio=1
කවිය බලන්න