ජේසුනී!

ජේසුනී!

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

උන් හෙටත් !

වැරදි එක එක තිබු සමාජයෙ

ඔටුන්නක කටු වූයෙ හිසමත

නොමග යන ලොව අයාලේ

ගල් කණුව විය බැඳි දෙඅත් යුග

කමෙහි අණුවන කසෙන් තැලුමෙන්

හම ඉරී වේදනා දෙන සඳ

ඔවුන් වෙනුවෙන්..... වෙනුවෙන්ම උන්

ඔසවගෙන බර මහා පාපෙක

එරෙහි නොමවුම අයුක්තිය දැක

නම්වු සුවිසල් මහා පාපයෙ

අදත් පවතින පාපයට එම

ගෙවන්නට ණය පවක් නොකරම

අයුක්තිය සිටුවා කෙලින්කර

අසාධාරණෙ බැන්ද හරහට

කුරුසියයි නම් ඒ සමාජෙක

බලය මර්දනෙ සහ අනීතිය

තලා උල්කර ඇණ තුණක් කොට

කුරිරු ලෙස අත් පා සිදුරුකර

අනේ සත්‍යය සිටී එල්ලී

වගුරමින් ප්‍රේමය ලෙයම ලෙස

අනේ! අනේ! අනේ! ජේසුනී!

මිනිසුනේ! මිනිසුනේ !

නැහැ,...... නොමිනිසුනේ!

ඇණ ගසන්නේ සත්‍යයයි තොප

ඇණ ගසන්නේ ප්‍රේමයයි තොප

නසන්නේ ආලෝකයයි

අදත් ! හෙටත්!.......

කවිය බලන්න