එහෙම සිතා එකට ගැටී මියෙමු යුධ වැදී
එකම හිරු කිරණින්
දකිමු එකිනෙක වෙනස් දෙලොවක්
එකම වැස්සෙන් වැටෙන වතුරෙන්
පවස නිවමුව මුහුණු නොබලා
නුපන්නෙන් නුඹ මා උපන් ගෙයි
නුපන්නෙන් මා නුඹ උපන් ගෙයි
ගැටෙමු නුඹ මා පිනිස අභිමන
දහම යටකර නැගුනු ආගමෙ
ලදෙන් උපතෙදි පවුලෙ උරුමෙන්
නිවැරදිය නුඹ සිතනා
නැත! මගෙය මා සිතනා
මෙලෙස ගෙවමුව ජීවිතය අප
නසනු පිනිසම උදාවන හෙට
නුඹගෙ හා මගෙ දරුවනට තිබෙනා
මියෙමු යන්නට දිනෙක එලොවට
අපිද නොම දන්නා
එලෙස යයි කියලා උගන්වා තිබෙනා
හමු වුණෝතින් එහෙදි නුඹ මා
එකඟවෙමු එදිනා
බවට අප දෙදෙනා රැවටිලා තිබෙනා
උගෙන එම සත්‍යා හිනාවෙමු තුටිනා
බදා හිඳ පෙමිනා සොහොයුරන් විලසා
කවිය බලන්න
