සමනල සඳෙස -34
දත යුතු කරුණු ගොමුව - 27
මල්වල නැණ සිප්හල -34
539. සමනල නුඹ නොදන්නා පෙදෙසක සිරි ය
තටු සල - සලා පියසැරියක යන පිරි ය
මඟ බල - බලා දකිනුව ඇති නම් දිරි ය
අග-මුල කියන්නම් පෙදෙසෙහි පැටිකිරි ය
540. උස ගිය ගිරි සිරස් ඇත නුබ කුහර දිගේ
ඇදි - ඇදි උසට හොබවා හිස් බඹුර නැගේ
සිසිලස පොකුරු බැඳි පිණිමල් අතුර වගේ
හිරු යට පිපෙන මල් ගමට ම මිහිර අගේ
541. බලනු සමනල වටපිටාවත්
කුසුම් සේ රුව ගත් වතේ
සලනු පියපත් නෙකවණින් යුතු
ලලනියන් මන මත් රතේ
තලනු නොම මල් කොපු තුළෙහි රොන්
පිරී ඇති රේණු ද ගතේ
ගයනු සිත් සේ පියඹමින් සුර
ගඟුලෙ පැහැබර සිතුමතේ
542. මෙ පින් ගමේ තුරුණු වරුණ
පෙර සිට එන බව ඇසුවෙමි
මෙ පින් බිමේ ඉදි කළ සිප්
හලක මහිම ගැන ඇසුවෙමි
මෙ සිප් හලේ උගෙනුම ලද
යති - පඬිවරු ගුණ සෙව්වෙමි
මෙ ලක් බිමේ හැම කොණකින්
පැමිණැ’ති බැව් දැන ගත්තෙමි
543. පිරිවෙණ එ ගම් මැද සුදිලුණි පියස යට
සිප් වණ කරන්නට හැකි විය විටින් - විට
බුදු ගුණ නිති සුරැකි බුදු - පුත් නුවණ් හට
තැන වෙන කොතැන වෙ ද හැර මල්වලයි මට
544. ගම්බද ලලනියන් ළමැදෙහි නෙතු පැද්දේ
මින්දද හී සරෙහි “රස කැණ” එහි වැද්දේ
මන්මද කිපි සිතැත්තෙකු වුව වැද යුද්දේ
පෙම්නද දෙත “විඳුමට සිරිඟර” මැද්දේ
545. නොම ඇළෙලී ලවන් පෙති මත මලක වසා
නොම වෙළෙලී නුවන් සර වැදි සළෙලු ලෙසා
නොම පැටලී ලෙවන් ගම් මැද වෙසෙන එසා
නොම සැළෙලී කියන් “මල්වල ගමෙහි” රසා
Photo Credit : Sagar Kulkarni
