සමනලයා දුටු කේයස් කවියා

සමනලයා දුටු කේයස් කවියා

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනල සඳෙස -37 සාගර පලන්සූරිය නම් වූ කවි සුරන -37 566. සාගර නොමැති ගම කල-එළිකොට පාදා සාගර බලා යන ගං දිය ඇළි සෝදා සාගර තරම් මහ කවි - කිවිඳියන් බදා සාගර පලන්සූරිය “ කවි පහන” නිදා 567. “මගෙ ගම කොහෙද යන වග මා නොදැන” හැදී ගම කොහෙ වුව ද පල නැත්නම් “සුවඳ” නොදී දෙන්නට සුවඳ “තව සිටියෙ ද කොළඹ” ඇදී ගිය කොලුවෙකුට “කවි කිරුළ” ම ලැබුණි පොදී 568. ඉපැදුණු බව “කළල් ඇල්ලේ” ගම් පියසේ මිණිපුර - රුවන්පුර පත-පොත තතු පැවසේ සිටියත් දෙමව්පියො-නෑසියො ළඟ සුවසේ සිත නැත පිරී ගියෙ සතුටින් ඔහු සිතුසේ 569. කිසි විට කවිය නොකෙළසමින් වටින - කම රැක ගෙන තමුන්ගේ තැන හැම මොහොත - කම හිත ළදරුවෙකි ඔහු ළඟ තෙතමනයෙ - පෙම හදවත් මැදින් දිව යයි සැම කෙනෙකු -ගෙම 570. මහ කවි-කිවිඳියන් සැම මැද කොළඹ යුගේ පෙරමුණ රැගෙන යුධයට යන සෙබල වගේ “කවි බල ඇණිය” හසුරවමින් සටන් මගේ ඔබ කළ “හපන්කම්” මොනවට කියනු අගේ 571. යොදමින් හැකි තැන ම “හැම ගැමි වහර” කවේ සාහිතයට දෙමින් “නව පණ අහර” සුවේ පින කවියන් - කිවිඳියන් “රස පිසින” මුවේ කදිමයි “පහර ගැසු හැටි” දැක “දුබල” බවේ 572. ඉගෙනුම සඳහා ම “අග-හිඟ” මුදල නසා සුවසෙත පතා කාගෙත් හිඳ වතෙහි කසා “ඇති වන තුරු උගත්තේ” යැයි සිතූ නිසා පසුබට නොවුණි එන්නට ගිහියෙක් විලසා 573. මා “දොර නොබි`o” ආවේ ඇති “විවට” දොරෙන් කීවේ හැර දමා “කසවත” ගිහි විලසින් “දෙස් පාලනයෙ” වැද කැළණියෙ සටන් බිමින් ජය ගති ඔහු “හොරණ අසුනේ” නොසිතුයුරින් 574. සැරි - සර “අවරගිර රටවල” උසක නැඟ දනවා “වෙසෙනවුන්හට” එහි කවියෙ මඟ පෙන්වූ අප රටෙත් ඇති වියතුනගෙ හිඟ “කේයස් අදත් අමතයි” ලක් කොමල අඟ 575. දස-දෙස පුරා දුන් “රස කවි මල්” සුවඳ විඳ - විඳ උගත සිසු කැළ රත් පලස් මැද සිඳ බිඳ ලමින් “හිටිවන කවි” කියන සඳ මතකය “අලුත් කරවයි” නිති මුවගෙ පද 576. ඔබ නැති සොව දරා ගත නොහැකි ව බැද්දේ ගහ - කොළ මැරි-මැරී උමතු ව මෙන් පැද්දේ කේතකි ගුහාවල කලු උණ - බට මැද්දේ සුළඟින් වැයේ “ශෝකී මළ බෙර” සද්දේ 577. හිත සුව පිණිස වැඩ කළ “මන්තිරි” හොරන දන මන සිරස ඔබ වෙත නැමුණැයි වෙසෙන ගිය මුත් තවත් ලෝකෙක “සුරසෙන් සරන” අමතක නොවෙනු ඇත “කේයස්” කවි සුරන! *** 2026.07.01
කවිය බලන්න