වියොව

වියොව

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

කතරත් අයැදී වැසි පොදක්
ලතාවක් අයැදි වෙළෙන්නට ගසක්
සිතූවක් රැගෙන ඒ කප්තුරක්
ඒත් කිසිවක් නොයදී ගැහැණියක්

වෙණ වැයුම මිහිරි ද ඇසුවා ගදඹ
සැලුවා පමණි ඈ යන්තමට නිතඹ
නොසැලේ දැහැන් බිඳ කුමරි පා සළඹ
පරවුනිද කාටවත් නොදුන් මල් කළඹ

සිත මිස කය නැති බඹ ලොවක්
නොදනී සෙනෙහස යනු කුමක්
රිදුම් පිරිමදින වුන් මහ ගොඩක්
ප්‍රේමය මගහැරීමද සුන්දර පෙමක්

නරුම ළඳ යයි නමක් පටබැඳුනි
ලොවට ඈ වටහගනු බැරිවුනි
කවිපොත ඉකිබිඳින හඩ ඇසුනි
හුදෙකලා වී කොහේ සැඟවුනි

කවිය බලන්න