ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ

ස්වර්ණා කාන්ති පෙරේරා වේවැල්දෙණිය

නුඹේ නමින් බැඳි සෑය විසල්
අහස දෙසට නෙත් නගා ලකල්
හිරුට සඳුට කියනා. මනකල්
ගීය නිරාමිසයකි තුන්කල්

රන් තෙළඹු ගසින් බැස කොහි ගියෙද
සෑ රදුන් විමසයි ඇය. නිබඳ
කල්ප කාලය සෙමෙන් ගතවුනිද
උඩු සුළඟ අදත් මුමුනයි ඒ ගුණ සුවද

සසර දුක් දිනූ අරිහත්. මුනිඳු
ද්‍රෝණයක් ධා නිධන් කොට සෑදු
රුවන්වැලියට විමානය. පිදු
ඈ හිඳී අද කැලෑවක. ලඳු

සෑය නොබැඳම ගසින්. පන්නා
දැමූ අගනන් ලොව කොතෙක් ඉන්නා
සිතා සිත කමටහන්. ගන්නා
ස්වර්ණමාලී දැහැනෙ උන්නා

කවිය බලන්න