සිඳු හා වෙරළ
සිඳු අනඟ පෙමින
සිඹ ලවැලි උවන
කොඳුරමින සවන
නුරා ගී මත් සරින් මුමුණ
පිපාසිත ලවන
නොයිවසුම් ලෙසින
මත් රළින සැළෙන
පුළින තල සඳ දියෙන් පෙඟෙන
සඳ කත් මිණි එලි
පෙන කැටිති දුහුලි
ඉඟ නෙරිය බැබලි
කිඳුරඟන බඳු පෙමින් ඇළලි
මුතු පර ලැම හස
විඳි අනත පහස
හැඟුම් ලෙහි රහස
කලඹවන සිත් දැහන් අහස
රළ පෙරළි අතර
පවන කර සුසර
නැඟෙන හඬ මිහිර
ගෙනෙයි තුන් සිත නිවන මතුර
Photo Credit; Royce Fonseca
