රිදුම
ඔබේ ලියන මේස ලාච්චුව
ඉබි යතුරු දා සුරකින
සඟවා සිටී
රහස
තිස් වසරක්ම මගේ හිත රිදවන
ගැහැනියකගේ පිංතූරයක්
ලියුම් මිටියක්
වලල්ලක්
මොකක් හෝ
යාවත්කාලීන වන මතකයක්
තිබිය හැක සිකුරටම
හත් දවසෙ දානයෙන් පසුව
ඔබ අප හැර ගිය
ඇර බැලූවෙමි කඩිනමින් ලාච්චුව
බොහෝ කල් හිමි කම ඇවිරුණ
ලියූ කවි කෙටි කතා
පිටු ගොඩක යටම
කුඩා විල්ලූද පෙට්ටියක
හමූවූ හෝඩුවාවකි රිදුම
අප පෙම් කල කාලයේ
සයුරු වෙරළක සැඳෑවක
අතුරුදන්වූ තෝඩුවකි මගෙම
