ෂර්ලොක්?

ෂර්ලොක්?

ජයන්ති සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

ඈත..
අඩ අඳුරේ ...
සෙමින් මතුවන
කළු පැහැ ලෝගුව..
මදක් ඉහළට එසවුණු
හිස් වැසුම..,..

පැළඳී
ඝන පාවහන් යුගළ...
විමසිලිමත් දෑස්...
සැණින්
නවතයි මා
හිටිවනම...

සුරතෙහි
දැඟිලි අතර රැදි
දැල්වෙන
සිගරැට්ටුව...

වමතෙහි
කෝපි බඳුන...
ඍජු සිරුර
සමග
තබන දිගු පියවර...

සිහි ගන්වයි
මට
"ෂර්ලොක්"...
රුව.

ඉඳහිට දිනක
වීදි කොනේ
කුඩා ඉඩක
සීතලට ගුලිවී
නිදා හිඳ ....

හිරු නැගෙන්නට පෙර
නික්ම යන...
කිසිවෙකුත් නොහඳුනන
ෂර්ලොක්
කවුද? නුඹ

අහිමි වූවෙක්ද?
රැකියාව....
සින්නවූවෙක්ද ?
සියලු වත්කම්
බිරිඳට ...
අමතක වූවෙක්ද?
අතීතය...
මග සරන්නෙක්ද.?
නැතිනම්
සොයා යන්නෙක්ද ?
අහිමිවූ යමක්.

කිසිවෙකුත් හා
නොදොඩන..
නගරය පුරා
සැරිසරන ..
ෂර්ලොක්
කවුද..?
නුඹ

කවිය බලන්න