අහිමි පෙම

අහිමි පෙම

ජයන්ති සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

කාලයේවැලි තලාවෙන් වැසී ගිය මුදු නුඹේ සෙනෙහස අදත් මා සිත අවදි කරවයි දකින සද පෙම් මතකයන් පෙර දිනක ඔබෙ සුරතෙ පැටලී ගියද සතුටින් ඉපිල මේ මග අද දකින්නේ ඔබත් සමගින් දොඩමළුව යන ඔබේ දියණිය මිය ඇදුණ ඒ සොදුරු කාලය සමග වියැකුණ අපේ ප්‍රේමය හද කොනක සිට රිදුම් දෙන වග දෑනෙන්නෙද? ඒ බව නොදන්නෙද? අහිමි වූවද නුඹේ ස්නේහය දනිමි ඔබ සතු නැවුම් ජීවය සදා රැකගෙන පිය මනිනු මැන හුරුයි මට මේ පුරුදු තනිකම Photo Credit: Eldar Nazarov
කවිය බලන්න