සැරිසරන්නෙමි මතක මංපෙත...

සැරිසරන්නෙමි මතක මංපෙත...

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

අතේ එල්ලී අම්මගේ රතු වෙනා තුරු මිරිකමින් අත ලොසින්ජර් ටොෆි කිය කියා ඔහේ ඇවිදන් ගියපු කාලයේ රසය අදටත් ඉතිරිලා... අරන් දුන්නත් අම්ම නැවතී නොසෑහෙන හිත තවත් ඉල්ලූ බැදපු රටකජු බුන්දි පැණි ලූ දුවන අශ්වයෝ හුළං මිරිකූ රූං පෙති උඩ අරින අයුරූ තවම මතකය හරිම සොඳුරූ... කාසි බෝ නොම තිබුණු ඒ කල තාත්තාගේ දහඩියෙන් වට බිංදු එක්කල කාසි කැටයක් පෙට්ටගමෙ විය අම්මගේ ළඟ බැරිම දවසක ඒක බිම පැන විසිරි අරුමය අපේ සතුටට එදා නොඳැනුන එකය අද දුක... මමත් දියණිය අතින් අල්ලන් ඇවිද යන්නෙමි එදා ගිය මග මහල් දෙමහල් මැඳුරු සල්පිල් සීත කාමර දැමූ වීදුරු බොහෝයි අද මේ වීදි අභිමුව හදවතේ පමණක්ම රැව්දෙයි එදා නටඹුන්, මතක කඩපිල් සිත්තරෙකු ලෙස සැරිසරන්නෙමි හදෙහි ඇදි සිතුවම් දිගේ... නගරයේ අප දෙදෙන හදුනන එකම එක වස්තුවක් තව ඇත කම්බි කණු කොන්ක්‍රීට් වටකල සමිඳු සහ බෝ රඳුන් නිසසල මෙතින් බැල්මක් හෙළයි සුපුරුදු අම්මේ නුඹේ ගුණ මතක්කර මට දකිමි හිමි නෙත මතින් නුඹෙ නෙත නොඳැන වූ මුත් මා නෙත ද තෙත නවා සමිඳුන් අභිමුවේ හිස පුදමි අම්මේ හදින් ඉඳුවර...
කවිය බලන්න