සුභාශිංෂන

සුභාශිංෂන

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

නත්තලේ සීතල ට දුරුත්තත් ළංවෙලා ගැහෙන වත අවුස්සයි හදවතම කලඹලා පොඩි දොහේ මතක මල් ආයෙමත් පීදිලා නවමු පැතුමන් පුරමු ජනේරුව ඇවිල්ලා පැඳුරු කොටයේ ගුලිව පාන්දර හීතලේ නාද ටික් ටික් ගගා ඇහෙන විට මිදුලේ අම්මේ ඒ කව්රුන්ද ඇසු රහස් තාලේ පුතේ ඒ පිනි බිංදු කිව්වේ පා ආලේ කුස්සියේ කලු ගැහැණු පරන පොල්කටුවේ පුංචි මුහදත් සුදට මිදී මල් ගොමුවේ බෝතලය පුරා පොල්තෙල් නෙමෙයි දුටුවේ මිදුණු කහ අයිස් රත්කරයි දිය කෙරුවේ ජනේරුවේ පළවෙනිදා සැවොම එක්වී ගෙදර අම්ම පිසූ කිරිබතේ රස බලා පා අදර අලුත් සරමක් ඇදන් දිව්වේ දුර නොම නතර යහළු මිතුරන් සොයා පන්දු කෙළියට නිතර නැතත් අද එදා මෙන් සැවොම ළග අපෙ ගෙදර ඇවිත් යන දහම හැර නොවෙයි කිසිවක් නතර ඉතිං කිම දොම්නසක් අම්බලමේ රැඳි අතර මතක්කර ඒ දොහත් සිනාසෙමු හිතමිතුර කුණාටු පහව ගොස් පෙර ලෙද මල් පිපෙන යහපත් පැතුම් සැම දින දින එළි වැටෙන ස්වභාදහම් මව් රැක හෙට ලොව දිනන නව වසරකට පතනෙමි සුභාශිංෂන
කවිය බලන්න