ඉන්දු සයුරේ නූතන සිතුවමක්

ඉන්දු සයුරේ නූතන සිතුවමක්

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

සේද මාවත හරහා ඈත පෙරදිග සොයා ඇමරිකන් ධජය යටතේ යුධ නැව් සමූහයක් වෙන්න ඇති කුළුබඩු සොයන්නට චීන සබ්මෑරිනයක් ඉන්දියන් සාගර පත්ලට සාගර ගවේෂණයකට ඒ ඇසිල්ලේම කුළුබඩු වලට නොමැත කිසි අවධානමක් පළමු නැව් සමූහය මිත්‍ර අභ්‍යාසයක් ගවේෂණයක් නොවන ආවේශන රාජකාරියක් ආරක්ෂාවට සිඳුරක් එපා පිවිසෙන්න අපේ සාගර කළාපයට ලොක්කයියාගෙන් එකම කොලයක දෙපැත්තක ලියූ තොරතුරු සැඟවීමේ හා අනතුරු හැඟවීමේ රාජතාන්ත්‍රික ලිපියක් මහා ඈනුමක් පොඩි මල්ලීගේ වෙරළබඩ ධීවර පැල්පතකින් ඉන්දු සයුරේ හෝ හඩද පරයමින් දරාගනු නොහී කුටුම්භයන්හි සාගින්දරේ රස්නය මන්නාරම් තොටින් දියඹ දෙස නික්මුණි කාලවර්ණ ධීවරයින් තිදෙනෙකු රැගත් කුඩා ධීවර යාත්‍රාවක් ආදම් ගේ ශේෂ වූ වැලි පර මත නොගැටෙමින් සීරුවට සිය මුහුදු සීමාවන් හී සොයද්දී රන මසුන් හාල්මැස්සකු හෝ නොලද කල්හී හාල්මැස්සන් රංචු සේ තම දියෙහි සරන ලොක්කයියාගේ දකුණු ඉවුරේ ධීවර යාත්‍රා බලඝණ අතර ඔහේ පාවිය අකුණු සර මැද වේලාව හැන්දෑවේ හයයි පනස්පහයි " දවසේ පුවත " දිග හැරුණි රූ වාහිනී තිර මත උත්කර්ෂවත් හඩකින්ද ඇග ලොමුගන්වනා AI රූ පෙළහර කින්ද යුතුව රාජතාන්ත්‍රික ගැටලුවක ප්‍රගූ අර්ථකථනයන්ද සමගින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ වරදට ලොකු අයියාගේ වෙරළ ආරක්ෂක හමුදාව රැගෙන අත්අඩංගුවට පොඩි මල්ලීගේ ඈනුම නරඹන්නන් ඇස් තබා ඉහලට හුස්ම නොගෙනම සොයයි තව තවත් උණුසුමක් පුවතින් වෙරළබඩ පැල්පත් වැසීයයි අඳුරින් ඇනුම හීන් කෙඳිරියක් ව දැන් මහා විලාපයක් නොතකමින් ඇගවීම් අනතුරු ගිහින් බෝ දුර එයලු ගැටලුව අවසාන නිගමනය තව බොහෝ දුර සාකච්ඡා අඛණ්ඩව ගැටලුව දැන් රාජතාන්ත්‍රිකයි ඉන්දියන් සාගරය ගැඹුරුයි හැබැයි ඒ කුසගින්න ඊට වැඩි දරුණුයි...
කවිය බලන්න