අම්මා ඔබම විය මට..

අම්මා ඔබම විය මට..

යමුනා ප්‍රියංගනී පතිරණ

බහතෝරන වියේ සිට ඔබ මා ලග උන්නා.. හොදින් නරක තෝරාගෙන මට කිව්වා... ඔබගෙන් උගත් දේ අපමණ බව දැනුනා.. අම්මා ඔබම විය මට ඔබ කිරිඅම්මා... නැළවිලි ගී කියමින් රස කතා කියූ.. සුරගන ලොවක් මවමින් ඒ ලොවට යැවූ.. සිහින ලොවක තනිකර නිදි යහනෙ තැබූ.. නින්දෙදි මට දැනුනෙද ඔබෙ සුවද මුදු.. සුදු කෙස් කළබ පීරා කොණ්ඩය බැන්දා.. රෙද්දට ඔබින හැට්ටය ඔබ මන බැන්දා.. ඉස්සර කියූ කතා මතකයෙ සිහි ගන්වා.. සුරගන ලොවට යන්නැති මගෙ කිරි අම්මා.. ගුණ යහපත් කම ගැන මට ඔබ පෙන්වා.. නිතරම කියූ දේවල් දිවියට ගත්තා.. යහපත් ඔබේ මුළු දිවියම සිරි කැන්දා.. නිවන් දකිනු මැන!! ඔබ මගෙ කිරි අම්මා.. කොවෙන්ට්‍රි එංගලන්තය.
කවිය බලන්න