අමිල හද ගැබ

අමිල හද ගැබ

යමුනා ප්‍රියංගනී පතිරණ

ලියා නිමකල නොහැකි පද වැල් කෙලෙස ලියලා නිම කරන්නේ.. ගයා නිමකල නොහැකි ගී පද වලින් ඔබෙ ගුණ ගයා ලන්නේ.. ඔබ වතේ රැදි සදා සුවදින් කෙළෙසකද මා දුරස් වන්නේ.. සදා නොමැකෙන සිතුවමක් මගෙ හදවතේ සිතුවම් කරන්නේ.. දහසකුත් දුක් විද දරාගෙන මෙලොව මා හැඩි දැඩි කරන්නේ ... උතුම් මිනිසකු කරන්නට මා, නොගත් වෙහෙසක් ලොව නොවන්නේ ... හදවතේ රැදි දයා කරුණා ගුණය මේ ලොවපතුරවන්නේ... දෙවි ලොවේ දෙවි දුවක වාගේ කියා මා හට පසක් වන්නේ... කුසට අහරක් නොලැබුනත් තම දරුවනට එය සගවගන්නේ.. ලොව උතුම් ලද කියා ඔබ ගැන ලොවක් ඔබ ගැන උදම් වන්නේ... සොබා දම තුල හිරු කිරණ හා මව් කිරෙන් පෝෂණය වන්නේ.. නියත විවරණ දුන්නේ අම්මා කෙනෙකුමයි බුදු පුතුට සසරේ... කොවෙන්ට්‍රි එංගලන්තය Photo Credit :James Wheeler
කවිය බලන්න