මේ වසන්තයයි
කැකුළු පිපුණ මල් යායක
ඇවිද යන්න කාලෙ ඇවිත්..
නිල් අඹරේ හිරු එනවිට
ඒ උණුසුම යටින් ඉදන්
හිරු තපින්න හරි ආසයි..
ශීත සමය ගෙවා ලමින්
වසන්තයයි උදා වුනේ..
හිරු එනවිට සිනා සිසී
ගත පිබිදෙයි - සිත සැනසෙයි..
ගස් වැල් වල මල් එනවිට
බලන්න හරි සිරියාවයි..
කොළ පාටින් දළු ලාලා
අවට සිරිය හැඩකාරයි..
සමනලුන් ද රෑන් පිටින්
එන කාලය අත ලගමයි..
වන බඹරුන් මලින් මලට
රොන් සොයමින් තෙරපෙන විට
බලන් ඉන්න - හරි ආසයි..
හිම කැට සුදු පහව ගොසින්
හිරු හැමදාමත් වඩින්න..
ලස්සන මල් සෙවනැති රුක්
අප හැම සුවපත් කරන්න..
කුමරිය ඔබ සොබා දමේ
එපා තවත් වෙනස් වන්න..
හැමදාමත් බලන් ඉන්නෙ
හිරු කුමරුට අත වනන්න...
කොවෙන්ට්‍ර්
එංගලන්තය.
...
