මුදුන් මුල

මුදුන් මුල

දීපා ද සිල්වා ලන්ඩනය

සීතලම සීතල
පවන් රැලි ඇවිත් වදින කොට
පොරව ගන්න
සන්තකේ කිසිවක්ම
නැති වෙලාවක
උණුසුම් මතකයන්
විතරමයි
ලග උන්නේ
යන්තමින් හෝ
සනසන්න
ඇල්මැරුණ ජීවිතය .
වසන්තයක
හෝඩුවාවක් වත්
නැතිව
ඔහේ ගෙවී යන
දින සති
අතරමන් කරන්නෙම
උන්මත්ත දැහැනක .
කියන්නේම
පලා යා යුතු බව
සියලු වද වේදනා
කෙලවර කොට
එහෙත් ,
කෙසේ අත හරිම්ද
සදාකල් මා අතනොහැරි
මුදුන් මුල අමතක කොට

කවිය බලන්න