ජීවිතය …

ජීවිතය …

දීපා ද සිල්වා ලන්ඩනය

ඉදුණු කහ පත් අතර ඉද හිටල මුණ ගැසෙන කොළ පාට පත් තවත් තිබෙනවා . හෙමි හෙමින් බයෙන් වගෙ හුස්ම ගන්නා හඩත් ලගින් යන විටදි මට ඇහෙනවා . දමා යන්නට බැරුව බදාගෙන ඉන්න හැටි හදවතට දුක ඉතුරු කරනවා . තාවකාලික වුවත් වෙන් වීමෙ වේදනා උන් උනුන් හොදටෝම දන්නවා . සදාකාලිකව අප අතහැරලා ගිය අයත් නැතුව කල දවස ඔහෙ ගෙවෙනවා . ඒ නිසා ඔය මොහොත දරා ගනු හැර යමක් සොබා දම නොදෙන බව දන්නවා . ජීවිතේ යථා බව අවබෝද කර ගැනුම ඔබට මට උරුම බව පේනවා ….
කවිය බලන්න