ආදරයක දුර
තනිව ඇවිද්දෙමි
නුවර වැව වටේ
කලකට පසු මම
මගේ පාඩුවේ
මතක අවදි විය
සැන්දෑ වරුවල
අත්වැල් බැඳගෙන
ඔබ හා ගතකල
කියවා දිනපොත්
අවුරුදු පණහක
දැන ගත්තෙමි මෙහි
ගතවු සැඳෑවන්
නොහැක මනින්නට
ආදරයේ බර
වැව වටයක් මැන
ගණන් හදමි දුර
සොයා ගතිමි ගැණ
ගමන් වාර සැම
දනිමී එදවස
දුර ආදරයක
