සිත් පවුරේ කවියක්

සිත් පවුරේ කවියක්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නෙත් මානෙන් ඇය ඈතට යාවි ඇදී සිත් කවුළුව නොවසා ඔහු බලා හිඳී වත්සුනු සුවඳ පැමිණී මදනලෙන් මිදී මත් කරවයි හදවත සෙනෙහෙසින් බැඳී සියුමැලි හදක ඉතිරෙන පෙම් තරඟ වැදී හසරැලි වතක නැගෙනා තුටු බුබුලු බිඳී කලඑළි කරන හැඟුමන් සිත තුලින් සැදී සිතුවිලි නැගෙයි කවියක පද සමග රැඳී මල්පෙති වලාකුලු මදනල සමග නිදී කඩදහි නොමැත පන්හිඳ ඈතකින් හිඳී මතකය මැකී යන්නට පෙර රිදුම් දිදී නොලියූ කවිය සිත් පවුරේ කොටන ලදී
කවිය බලන්න