අදෘශ ඔබ......
රුව නැතත් දකින්නට
හඬ නැතත් අසන්නට
පාලු මග හරින්නට
අයෙක් ඇත ලඟින් මට
නෑසුනත් සවනතේ
කතා ඇසෙතිය සිතේ .
දසුන් නොම වුව නෙතේ
අඳින රූ බොඳ නැතේ
වරෙක පැසසුම් කරයි
විටෙක තරහින් බණියි
සිතී ඉක්මන් වුණැයි
දුකින් ඉඳහිට තැවෙයි
එක තැනෙක නොම රඳා
සසල වුව එදිනෙදා
නොයන මා අතැරදා
මිතුරෙකී සිත සදා
කවිය බලන්න
