බොර දියෙන් පැහැදි දියට
කැළඹුණු ජලය ඇති
විලක් බොර වේ නිතර
මඩ නිසා දියේ ඇති
අව පැහැය වේ ජලය
අව පැහැය හේතු වේ
පතුල නොම දකින්නට
ආසා බරිත වූ
කුපිත වූ සිත් සතන්
සසලව ඇත නිතර
අවපැහැ ගන්වන
බොර දියේ මඩ ලෙසට
කැළඹුණු විලක් බඳු
ඇතිවන සිත මෙවන්
ඇතුල් සිත නොම දකී
නොම දකී නොම දනී
නිසසල වූ විලක්
පැහැදී දිය ඇති කරයි
අව පැහැය නොමැති කළ
දැක හැකිය එහි පතුල
මෙත් සිත් සහිත වූ
සහාකම්පනය ඇති
සිතක ඇති නිසල බව
බඳුය නිසසල විලක්
පැහැදී දිය සහිත වූ
පතුල දෙක ගන්න හැකි
දැක ගන්න, දැන ගන්න
සොබාවය සිතේ ඇති
විය යුතුයි නිසල බව
සිත තුළ නිරන්තර
Photo Credit; Chandler Cruttenden
කවිය බලන්න
