හඳුනා ගතිමි මම

හඳුනා ගතිමි මම

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

පෙරුම් පුරමින් කාලයක් සිටිය මම විමසමින් අරුත කීම අරුත කීම ගැබ්ව ඇති දහම තුළ ලබා ඇත ඇරඹුමක් කරා යන ගමන් මග සහිත වැටහීමක් ඇත කයක් මම නමින් ජීවයක් ලබා දෙන සිතක් ඇත කය සමග කරන්නට කටයුතු දොඩනා වදන් වල සිතුවිළි වේ පෙරමග ඇති වෙමින් නැති වෙමින් කිමිදෙමින් ඉපිලෙමින් විවිධ වූ සිතුවිළි ගලා යයි නිරතුරු තමා සතු නැත කිසිත් පාලනය කළ නොහැකි නොනවතින පැතුමන් ඇතිව නැතිවන බවක් දැනේ මට හැඟේ මට වෙනස්වන කයක් ඇති වෙනස්වන සිත් ගොන්න තුළ කෙනෙකු නොමැති බව දැනේ මට හැඟේ මට හඳුනා ගතිමි මම නොමැති බව අවසන සත්වයකු මම නමින් ! පුගුලෙකු මම නමින් ! Photo Credit: Abhijeet Gourav
කවිය බලන්න