පිරික්සුම අති උතුම් (NOBLE RESEARCH)
නියත යැයි සිතාගෙන
සැබෑවම එයම බව
කුතුහලය දනවමින්
සොයා සොයා සැරි සරයි
අවට ලොව දැනගන්ට
කරමින් පිරික්සුම්
එය නොවේ සැබෑ ලොව
නැවත ඉපදෙමින් ඇති
බිඳෙමින්ම පවතින
අනියත බවම ඇති
ලොවක් ඇත සැම තැන
ඉපදෙමින් දුක්වන
ලෙඩ දුකට පත්වන
පැතුමන් පිරී ඇති
සැනසීමක් නොමැති
පවතිනා ලොවක් ගැන
නොම දනී ලොව දනන්
කළ යුතුයි විදසුන්
වැටහෙන්න නිතැතින්
සැබෑ බව පවතින
මෙය තමයි පිරික්සුම
අති උතුම් අති උතුම්
කවිය බලන්න
