මාලිනිය නන්දා
දුක් ගැහැට මැදි කරන්
නොසැලී මුහුණ දී
අල්ප දිවියක් ගෙවූ
චරිතයක් වූ උතුම්
වේය මාලිනිය නන්දා
අයුක්තිය අසාධාරණය
අදමිටු පාලනය
විසල් වූ හඬක් විය
විරුද්ධව නැගී සිටි
දිරිය කත
වේය නන්දා මාලිනිය
හදවත පහන් කළ
කැළඹුණු සිත් සතන්
සමත් වූ සනසන්න
සහිත වූ පද වැල්
විසල් වූ හඬක් විය
නන්දා මාලිනිය සතු
නික්ම ගිය ඒ කත
සේවය නිමාකර
නාමය ඉතිරිකර
සුබ ගමන් සුබ ගමන්
මාලිනිය නන්දා !!!
කවිය බලන්න
