වසන්තය ඇවිත්
ඉහා පිනිකැට එහා පඳුරට කිරිල්ලක් නටනා හැටී
කඩා නිදි ගැට වරා මල් කෙඳි සලා, පාවී යන හැටී
බලා උඩ සිට දොඩම් පොඩි ගැට, වනා හිස් නැලවෙන හැටී
උනා සළුපට පිලා සමනල වෙස් අරන් ඉගිලෙන හැටී
මුදා තිරපට සියක් දොස් පිස පුවක් මල් පිපෙනා හැටී
නැමී පොළොවට පැසුණු වී හිස උපන් බිම නමදින හැටී
තෙමා පිරුවට විලේ දිය මත නෙළුම් මල්වර වෙන හැටී
කුඩා කඳුගැට උඩින් හෙමිහිට හිරුත් නෑ ගම් යන හැටී
Photo Credit; Amit Rai
කවිය බලන්න
