සුභද, අලුත් අවුරුද්ද?
තුංග කඳු සොරාගෙන සඟවලා මග ලකුණු
තැනිතලා පෙදෙස් වෙති කළල් දිය යට රැඳුණු
කුසුම් පෙති සේ තලා, තුරු මියැද අතු සිඳුණු
කරුණ කිම වැසි දෙවිඳු සුළඟ හා යුධ වැදුණු
විශාලා නුවර සිරි පොළෝ තලයෙහි අතුල
තුන් බියක අකුණු මල්, බිඳී ගගනත විසුල
සොබාදම් අණින්, බිය වැදී වැසියෝ සසල
බිමක, කඳුලැලි පමණි නෙතින් රූරා වතළ
බුමුතුරුණු මත ඇඳුණු අපැහැදිලි රූ රටා
සේ වැතිර මිහිදන්ය, නොනිමි ජීවිත කතා
සුභ අසුභ සිහින හා බැඳුණු මිනිසුන් නසා
අවුරුද්ද අලුත් වෙද නුඹට මට සුභ පතා
කවිය බලන්න
