වැව අද්දර...

වැව අද්දර...

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

කෙහෙරැළි අවුස්සන මදනල උසට උසේ මල් සරදම් කරයි පනිමින් මැදට හිසේ උරුවම් බාන කෝලම් පැණි කුරුළු විසේ මම නොබලනා මුත් සවනට හොඳට ඇසේ දත් දෙක විළිස්සා ලේනා දුවන හැටී නාඳුනනා විලස බළලෙක් ඉවුරෙ නිදී කොරවක්කා එබෙන තාලය හිතට මදී කේළම කියන්නට මින් රැළ ළඟක නැතී යායට පිපුණු නිල් මානෙල් සුවඳ දැනේ තොටුපළ, දිරාගිය ඔරුවක් දුරට පෙනේ ගැට කිඹුලා එතැන තනියට රැඳෙන සෙනේ ආරෝවක් හැඩයි පිළිහුඩු සිතක කොනේ දාහය නිවා සීතල වැව් දිය මත්තේ දියකෙළිනා කෙනෙක් ළඟපාතක නැත්තේ අලුයම සොඳුරු හෝරාවේ වැව පැත්තේ කවි සිතකට නිරාමිස සුවයකි ඇත්තේ
කවිය බලන්න