සිතිවිලි විතරක් අවදි වෙලා.
ඈත පෙදෙසකින්
අමරදේවයන් ගේ හඬ
පාව එයි....
"සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
සිතිවිලි විතරක්
අවදි වෙලා....."
රෑ අහර කිස
මේසය මත දුම් දමයි
සීතල වතුර
වීදුරුවක් පමනක්
බී නිදන්නටත් සිතෙයි
සාංකාවක්
ඇතුළු හදටම දැනෙයි
සේපාලිකාවන්
නාඬන්න බල කරයි
සුපෙම්වත
බලා හිඳීම දුෂ්කරයි
දරා ගැනීම
සීමාවෙන් ඔබ්බටයි
එනමුදු
අඳුර විනිවිද
මහද ඇඳෙන
එකම පිළිරුව ඔබමයි....
