ආදරේ ඡායාව
අපි හඳේ මායාව යට
ආදරේ ඡායාව අත පත
ගාපු ජෝඩුවක්
ඒ කාලේ එයා
දර්ශනය හදාරන්න
කැමති මිනිහෙක්
මං කාගේ හරි දර්ශනයකට
අනුගත වෙන්න කැමති
කෙල්ලෙක්
මට දාහතයි
එයාට තිස් හතයි
වයස ඉලක්කමක් විතරයි
ආදරේට උඩින් කසාදෙ
වැට පැන්නා
දරු මල්ලො ලැබුණම
හඳ නිකම්ම මායාවක් වුණා
ආදරේ එහෙමම
ඡායාවක් උනා
මම කාලයට කලින්
වයසට ගියා
එයා වයස එක්ක එතැනම
නතර උනා
දරුවො එක්ක මම
කරට කර එක පිම්මේ දිව්වා
එයා නතර වෙවී
හැංගිලා වෙස් බැන්දා
පුරුද්දට වැරදි කරනවද
වැරැද්ද පුරුද්දක් වෙනවද
කාට තේරෙනවද
ඔය හරස් පද
අලු පාටට හැරෙන කෙස්
මං සුදු වෙන්න ඇරියා
හැට පනින කොට
ආයෙත් හඳ පේන්න
පටන් ගනී ළඟටම
හොයා ගෙන ඒවි ඡායාව
අරං ආදරේ මාත්‍රාව
හිත හිතා මම
එළියේ කාමරයට
ඕං අලුතින් ඇඳක් දැම්මා....
අපි හඳේ මායාව යට
ආදරේ ඡායාව අත පත
ගාපු ජෝඩුවක් ....
