කුටුම්බය
නෙත නැගෙන කඳුළ ට
තිගැස්සී එක හුස්මට
සුසුම් වැසි වැස්ස ට
ඉඩක් නම් නැත කිසිවිට
එබෙයි හිත අස්සට......
දුක් කඳුළු සඟවන්නට
ලද දෙයින් සැනසෙන්නට
දුක සැප අසල නොසැලෙන්නට
අත්වැලක් වී සදහට
ඔහුම පමණකි මේ අහස යට....
සිත් අහස බොඳ වන
කලු වළාවන් නොවේ කිසි දින..
මගේ කුසගිනි ලඟ
කුස පිරූනු බව අඟවන
වේදනා දුක් හංගන
නෙත් පතුල දිදුලන
මන්තරය ආදරය ද .....
නෝක්කඩු හිත් ඇති විට
මුව තදින් ගොළු කොට
නෙත් පියු මුත් රෑය පුරා අවදිව
සසර ගමනේ යුග යුග
සෙවනැල්ල වි මා ළඟ
සිටියි ඉර නැතුව ද...
Photo Credit: Shelby Deeter
