කිමද මේ තරමට ම ඔබ දරුණු

කිමද මේ තරමට ම ඔබ දරුණු

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

කදු මුදුන් සලිත වී වැටුණු
පස් කදු අතර ගත තෙරපුණු
දුක් සුසුම් රහසේම හිරවුණු
කිමද කදු මේ තරමටම බිහිසුණු

පෙණ කැටිති නගා පෙර හිනැහුණු
මහවැලිය ගo දැල අසල දී සැනසුණු
රකුසු බොර දිය රැළි මවා දරුණු
කිමද දිය මේ තරමටම බිහිසුණු

කිරි කැටි සිනා බොද කෙරුණු
හිතැතියන් සැණින් අත හැරුණු
කදුළු පොදි හදවතට හිර කෙරුණු
සොබාදම කිමද මේ තරමටම දරුණු

කවිය බලන්න