සනසන අසිරිය
ඇලේ පාවී කදුරු ගෙඩි යයි සිතේ දිය රැළි ගොඩ නැගී
වඳුරු රංචුව උඩ පනින විට ගහේ අතු ඔංචිලි පදී
වැලේ මල් පෙති දියේ පීනයි බලා හිටිය ම සිත නිවී
සොබා අසිරිය මැවූ ලෝකය අපේ හදවත් පෙම් බඳී
සලා අත් තටු දියේ මුහුණට සේරු ආදර හාදු දී
දොලේ ගල්පර අතර රිංගන ගෙම්බො බක බක සිනා සී
ගිරා පෝතක පිරිවරාගෙන කච කචේ උන් හඬ දිදී
සතුටු දිවයුරු රටා හෙවණැලි හිතේ හැටියට බිම අඳී
වැවේ සියපත් හිතේ තැන්පත් හීන් මල් වැහි ඇද වැටී
කොණ්ඩ බැඳගත් කුරුලු ජෝඩුව පඳුරු අතරේ පෙම් බඳී
ලන්දෙ ඇතුලෙන් සීත දිය ඇලි ගල් අතර පහළට බසී
හෙටත් ලෝකය හැඩ කරන්නට කූඩුවේ බිත්තර රකී
Photo Credit; Vandan Patel
