වෙසක් මග
සසර පොකුණක
පිපුණු සියපත
කුසුම සුවඳයි අද දිනේ
කෙලෙස් සුළඟට
සැලුණු සිතිවිලි
නිවුණු දවසයි අද දිනේ
ලොවේ බුදු වී
පිරිනිවන් පා
දුකට සසරට එක් නොවේ
වෙසක් මගුලට
සිතින් සමවැද
නිවන් මග යං සකි සඳේ
කවිය බලන්න
