ප්‍රේම මන්දිර
මතක සැමරුම් අතුළ
මාවත
දෑල තේ දළු යාය
මඳ නලට හිනැහෙන
ඇවිද එමි සොයමින්
මියැදුන අතීතෙක
ප්‍රේම මන්දිර
නිල් තුරු වියන නැළැවේ
එදා වාගෙම
කඳු ශිඛර නිල් දුහුල්
සළු හැඳ
බලාගෙන ඇයි අදත්
පෙර මඟ
මාව තාමත් මතක ද
දුරු කතර ඇවිදින්
දිවි ගමන යන්නට
දැවි දැවී දිව රෑ
නුඹ මතක් වෙන හැම
මොහොතෙ ම
ඇඟිලි ගැන ගැන උන්නා
පියඹා යන්නට
නුඹ සිටිය ඒ දුර නගරයට
වැහි පිනි සීත ඇවිදින්
තනි යාන මා පෙළන විට
ගුලි වුණා දුක් ගිනි මගේ හිත පතුලට
නුඹෙන් තොර
ඒ පාළු යහනත
උණුහුමක් මට
දෙන්නට
හිසට සෙවනක් වුණා
මේ සොඳුරු නිවහන
එක මොහොතකට
පිරිවරා මිතුරු කැල
ආ ගමන සනසන්නට
දිව රෑ දැවෙන
අසරණ සිරකරුවකු
දනී මේ සීත නිහඬ ගල් බිතු
ඇසෙන්නට මට පමණක්
අසනු වාගේ අද කණට ළං වී
මතක ද මතක ද
08-02-26
කවිය බලන්න
