හැකි ද මොහොතක් දෙන්න

හැකි ද මොහොතක් දෙන්න

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

කිසිදා නුඹට ⁣නොකියා මුළු ලෝකයෙන් සඟවා පපුතුරේ හිර කරගෙන රැකගත් ආලයේ රිදුම අදත් කෙතරම් මිහිරි ද නුඹෙන් එක බැල්මක් පතා තුන් යමත් නිදි වරා පේ වී ආවත් නොලදිම් එක ම එක සෙනේ වදනක් එක ම එක මුදු බැල්මක් එදා ඒ රිදුණ හිතට ම අද කෙ⁣සේ ඒ මතක මෙතරම් මිහිරි ද පවසන්න දවසක සියොළඟ ම දැවුන ආදර ගින්න පබළු මුතු සේ තෝරා පෙළ ගසා සිටි වදන් මිදී ඇත එදා හිම කඳු මැද නිදන් කළ තැන් වල එහෙම ම හිම කැට වගේ මයි බර නොදෙඩූ වදන් හිත පතුල යට රාගයෙන් තොර පිවිතුරු කුසුම තබා පුදසුන මත මගේ දැහැනේ සැරිසරන්නට යළිත් නොඑනා ඈතක සංසාර ගමනක යන්නට කාලය හැකි ද අද මට එක ම එක මොහොතක් දෙන්න. 07-03-26
කවිය බලන්න