තව ඉතුරු හරි ටිකයි

තව ඉතුරු හරි ටිකයි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

තුමුළ කඳු ශිඛර වුව
නාය ගොස් බිඳ වැටෙයි
සුනිල දිය දහර ගැලු
කාල ආ කල සිඳෙයි

වියරු ගිනි දළු දවන
ශීත සුළඟට නිවෙයි
වැටෙන වැහි බිඳු වුවද
සැඩ පහර විය හැකියි

ඒ නිසා උගෙන ගමු
අපිට අපි විතරමයි
එකට ඉමු අපි සැවොම
තව ඉතුරු හරි ටිකයි

කවිය බලන්න